Blogger
අගබිසෝ
On Blogger since: December 2009
Profile views: 653

My blogs

About me

GenderFemale
Introductionටජ් මහල බලන්න ගියහම මට හිතුණා, මම මුම්ටාස් වෙලා ඉන්න ඇති කියලා. ඇය සාජහන් ගෙ අග බිසව් නෙ. මටත් හිතෙන ඒවා. එහෙදි මුණ ගැහුණ සාස්තර කාරයෙක් මට කීවා..මම ආත්ම ගණනාවක් ඉන්දියාවෙ ඉපදිලා හිටියා...එහෙ භාෂාවල් ඇහෙන කොට පුරුද්දට වගෙ කතා කරන්න පුළුවන් ගතියක් දැනෙනව කියලා...අනික රජ කෙනෙකුගෙ අග බිසවක් වෙලා හිටි නිසා හරියට දුගී මගී යාචකයන්ට 'එව, කව, බොව' කියල සංග්‍රහ කරල තියෙනව කියලා. ඒ මිනිස්සු දැනුත් ඉන්දියාවෙදි මුණ ගැහුණම ඇවිත් අඳුනනව වගෙ කතා කරනව නේද කියලා. ඇත්ත නේන්නම්. එදා ඉඳලමට හිතෙන්නෙම මම අග බිසෝ කෙනෙක්මයි කියලා. මහා මාන්නයක් හෝ මොකක් හෝ... මම ඉතින් බිසෝ කොටුවෙ කතන්දර ලියන්න අග බිසෝම වෙන්නම් කියල හිතුව, ඔටුණු, මාළිගා නැති වුණත්. 'බිසෝ කොටුව'කියන්නෙ සොරොව්වෙන් වැවේ වැඩි ජලය ගලා ගෙන යන්න ගලින්ම හදපු තැනක්. ඉතින් හිත් වැවේ එකතු වෙන වැඩි වතුර ගලා යන්න 'බිසො කොටුවක්' නිර්මාණය කරන්න මම හිතුවා. සොරබොර වැව බලන්න ගියහම පුංචි කාලෙ, එහෙම දෙයක් ඇහුව වගෙ මට මතකයි. එවකට හිටි 'බුලත' කියල යෝධයෙක්ලු ඒ බිසෝ කොටුව හැදුවෙ. මගෙ හිතේ ' බිසෝ කොටුව' නමට මොකද්දෝ ලෙංගතු කමක් තිබුණා කාලයක ඉඳලා. ඉතින් ඒ හින්දමයි, මේ සයිබර් කැටපත් පවුරට ඒ නම පට බැන්දෙ. කාගෙවත් විරෝධයක් නැහැ නෙ....? ඉතින් ඔය වැසියනුත් කියවලාම බලමුකො, මේ කතා.
Google apps
Main menu