Blogger
අනුරුද්ධ වැලිගමගේ
On Blogger since: May 2018
Profile views: 3,077

My blogs

About me

GenderMale
LocationCanada
Introductionමං රස්සාවට ලියන්නෙක් නෙවෙයි . උසස් පෙළට ජීව විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙනගෙන ලංකාවෙ බැංකුවක ඉලක්කම් එක්ක ඔට්ටු වෙච්ච මං කැනඩාවෙත් රස්සාවට කරන්නෙ ඒකයි .මම ලියන්න පටන් ගත්තෙ හතරෙ පන්තියෙදි විජය පත්තරෙන්. ලේක්හවුසියේ මිහිර, විදුනැණ , නවයුගය , සිළුමිණ ( විශ්ව මහිම පිටුව ) කල්පනා , පෙරමග සහ දෙසතිය සගරා වලට විශේෂාංග ලේඛකයෙක් විදිහට ලිව්වෙ ඊට පස්සෙ .මාතර රාහුල විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලෙ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රුහුණු සේවයට සම්බන්ධවුනේ රුහුණු ළමා රගමඩලේ ළමා ශිල්පියෙක් විදිහට හඩ කවන්න .පිටපත් ලියන්න .කොළඹ ඩී ඇස් එකට ආවට පස්සෙ ජාතික රූපවාහිනියේ ළමා ගී ලියන්නත් , ටෙක්නිර්මාණ පදනමේ වීඩියෝ නිෂ්පාදන වැඩමුළුවකටත් සහභාගී වෙන්න පුළුවන් වුනා .1996-2001 කාලෙදි සිරස , එම් ටී වී සහ ශක්ති ටී වී වල සති අන්ත පුවත් නිෂ්පාදකවරයා විදිහට වැඩ කරන්නත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදන ඩිප්ලෝමාව ගන්නත් හැකිවුණේ මාධ්‍ය ගැන තිබුණු උනන්දුව නිසා .කැනඩාවේ පලවන දසත පුවත්පතේ සංචාරයක මතකය ලිපි මාලාව තුලින්, සවන අන්තර්ජාලගුවන් විදුලියේ කවි මිණී ආර කවි රස චාරිකාව සහ දින නැති දිනපොත රේඩියෝ කෙටිකතාව තුලින් සහ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ පොත් පිටු අතරින් ,අමයුරු කවි රස , ලබැදි , නොමැකෙන ගී රස , ගමනක මතකය , ලෝකෙ වටේ ඇතුළු වැඩසටහන් , ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් තුලින්, මාව අහස් ගව්වෙන් එහා ලෝකයේදී හමුවන්න පුළුවන්
InterestsTravelling, Reading, Photography
Google apps
Main menu