චානුක වත්තේගම

My blogs

About me

Location කොළඹ, බටහිර, Sri Lanka
Introduction වයස අවුරුදු දහසයේදී දිවයින පුවත්පතට කෙටිකථා ලිවීමෙන් ලේඛන දිවියට පිවිසෙන චානුක ඊට සය වසෙකට පසු එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතින් වසරේ හොඳම සිංහල විද්‍යා ලේඛකයා ලෙස සම්මාන ලබා ගනියි. දිවයින, The Island, විදුසර, කල්පනා, රාවය, විජය, ලංකාදීප, ලක්බිම, Daily News හා Business Today ඔස්සේ විස්තාරණය වන ඔහුගේ ලේඛක දිවිය තුළ සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම ලියන ලද ලිපි සංඛ්‍යාව තුන්දහසකට අධිකය. 'විජය පරිගණක' සඟරාව ආරම්භ කිරීමෙන් ඔහු පරිගණක විද්‍යා දැනුම සිංහල පාඨකයා අතරට ගෙනයාමට මුල් වෙයි. දැනට ඔහු LBR මාසිකයේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියෙකි. විදිලි ඉංජිනේරුවකු සේ දිනක් හෝ කටයුතු කර නැතත් චානුක විදිලි ඉංජිනේරු ශිල්පය පිළිබඳ පළමු පෙළ උපාධිධරයෙකි.