සතිත් සිතුවම
My blogs
| Introduction | මම මෙතුවක් පුරා දශක හතරකටත් වඩා වැඩි ප්‍රමාණයක් ජීවන මඟ ගෙවාඅවුත් ඇත්තෙමි. මේ ජීවන මග පුරා අප අදහන අටලෝ දහම සුපහදවමින් මා අද්දුටු දේ බොහෝය. වරෙක සිත්සතන් සනහන සතුටින් ද වරෙක හද කකියවන දුක්ක දෝමනස්සයන්ගෙන්ද අනූන සුවහසක් සිදුවීම් එකී ජීවිත සිතුවම නොයෙක් හැඩතලයන්ගෙන් ද වර්ණයන්ගෙන්ද හැඩ ගන්වා ඇත්තේය. මෙකී මගේ ජීවිත සිතුවම නිමවෙන සුවහසක් තිත් නොහොත් සිදුවීම්, මසිත අබියස ගැවසෙමින් මා මෙන් තවමත් නිම නොවූ තමතමා ගේ ජීවන සිත්තම් අඳිමින් සිටින්නාවූ විවිද පුද්ගලයන් විසින් ද, තම ජීවන සිත්තම් ඇඳ ඉතිරිකොට මෙලොව හැරගියාවූ අනේක ප්‍රතිරූපයන් විසින් ද මගේ ජීවිතය අරබයා ගොඩනගමින් ඇත්තේය. සුවිශේෂී කරුණ නම් මෙකී ජීවන සිදුවීම් වලින් ඇතැමෙක් නැවත මෙනෙහි කොට සටහන් තැබීමෙන් තවත් සිදුවීමකට මුල පිරීමක් ඇතිකළහැකි වීමයි! මේ අඩවියට පැමිණෙන ඔබ ඔබේ පැමිණීමෙන්ද, මේ පදවැල් කියැවීමෙන්ද, ඔබ සිතැඟි සටහන් තැබීමෙන්ද තව තවත් සිදුවීම් මවයි. ඒ සෑම සිදුවීමක්ම තවත් එක් තිතක් වී අවසන මගේ නිම නොවන “සතිත් සිතුවම” අඳියි...! |
|---|
