Blogger
Kumar Wellalage
On Blogger since: October 2011
Profile views: 1,050

My blogs

About me

GenderMale
LocationColombo, Sri Lanka
Introductionඅහංගම, එළුකැටියේ "අමරපාල ඉස්කෝලේ මහත්තයා" දිනක් තම දරුවන් 11 දෙනාගෙන් 7 වෙනියා වූ පියරත්නගේ පුතා, නිවාඩුවට තම තාත්තාගේ මහගෙදර එන බව දැනගන්නට ලැබෙනවා. ඉස්කෝලෙ ප්‍රාථමික පන්තියක ඉගෙනුම ලබන මුණුපුරා වාර අවසාන නිවාඩුවට ගමේ මහ ගෙදර පැමිණ සිටි, සීයා තම ගෙදර ආ මේ මුණුපුරාට කල්යල් බලා තමන් දන්නා ශාස්ත්‍ර උගන්වන්න, මේ හොදම අවස්ථාව බව වටහාගනී, ඔහු තම දියණියක වන පියසීලි අමතා, තමාට "මුත්තා" කියා අමතන මේ මුණුපුරාව එක් දිනක් කලබලෙන් ඔහු වෙත කැදවයි. තම "මුත්තා" වෙත ආ මුණුපුරා ඊසාන දෙසට කල්යල් බලා සකස් කල පුටුවක හිදවා, කනප්පුව මත හිදවූ පොත් බංකුවේ වූ පොතක් මුණුපුරාලවා කියවවන්නේය. ඉනික්බිති මිදුලට ගොස් මුණුපුරාට තම සෙවනැල්ල මනින හැටි මේ සීයා කියා දෙන්නේය. මැනීම අවසන් වූ පසු මිනුම ගෙන වේලාව සොයන අයුරුද කියා දී, සාලයේ වූ බට්ටා පැද්දෙන ඔරලෝසුවෙන් වේලාව බලන ලෙස ද කියයි, මුත්තා කියූ වේලාවම බට්ටා පැද්දෙන ඔරලෝසුවෙත් ඇති බව, මේ සිදුවීමට සාක්කියක්ව සිටි පියසීලි නැන්දම්මා ප්‍රකාශ කරයි. ඇයට මෙය අරුමයක් නොවීය. මුණුපුරා අරුම පුදුම අත්දැකීමක් ලද්දා හා සමානය. වේලාව පැමිණ ඇත, අත්තම්මා දහවල් කිසට මුණුපුරා සොයයි. මුණුපුරාව ජ්‍යෝතිෂයට අතපොත් තැබීම මුත්තා විසින් සිදුකර ඇත.ඒ මුණුපුරා මම වෙමි.
Google apps
Main menu